අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවේදනය- ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ‍ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීම

    ජූනි 14, 2018

    ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යනු, රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන සියලුම ප්‍රසම්පාදන ක්‍රියාවන් නියාමනය කරනු ලබන ආයතනය වේ.

    එමෙන්ම මෙය 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවක් ද වේ.

    රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වන භාණ්ඩ, වැඩ, සේවා, තොරතුරු පද්ධති හා  උපදේශකවරුන් තෝරා ගැනීම සහ සේවයේ නියුක්ත කිරීමට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත පවරා ඇති මූලික කර්තව්‍ය වේ.

    මෙසේ සකස් කරන ලද මාර්ගෝපදේශ සහ පරිපාටි  ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන අතර එසේ ප්‍රකාශයට පත්කර මාස තුනක් ඇතුලත ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය.

    ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් වඩාත් විනිවිදභාවයෙන් යුත් සාධාරණ, අපක්ෂපාතී සහ පිරිවැය ඵලදායී සඵලත්වයෙන් යුත් රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයක් සකස් කර 2018.05.09 දින හා අංක 2070/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

    මෙම නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අත්පොත් කාර්යක්ෂම ඵලදායි ආර්ථිකයක් සහ සාධාරණ වූ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඉලක්ක කර ගෙන සකස් කර ඇති අතර එමගින් රජයට වාර්ෂිකව රුපියල් මිලියන ගණනාවක බදු මුදල් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

    රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ නැංවීම, විධිමත්ව ප්‍රසම්පාදනය සැලසුම් කිරීම, ක්‍රමානුකූලව ලන්සු ඇගයීම, කොන්ත්‍රාත් පරිපාලනය වැනි වර්තමාන අවශ්‍යතා සපුරාලීම මගින් රටේ මහජන මුදල් ඉතිරිකර ගැනීම සඳහා මෙම නව ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ මගින් ඉඩකඩ සැලසේ.

     

     

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya