මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරුසාර ගෙවත්තක් - පැල කට්ටල ලක්ෂයක් බෙදාදීමේ වැඩ පිළිවෙළ හෙට ඇරඹෙයි

    ජූනි 13, 2018

    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික වැඩ පිළිවෙළ යටතේ එළවළු හා පළතුරු ඇතුළත් පැළ කට්ටල ලක්ෂයක් ගොවි ජනතාව අතර බෙදා දීමේ වැඩ සටහන හෙට ( 14) දින ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ජාතික හදබිම අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි. පැල කට්ටල ලක්ෂයක් බෙදා දීමේ වැඩ සටහන හෙට දින මහනුවර කුණ්ඩසාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

    මේ යටතේ පොල්, අනෝදා, බෙලි, දිවුල් , කටු අනෝදා, කරපිංචා ආදි ඒ ඒ ප්‍රදේශවල වැවෙන සුදුසු පලතුරු පැල පහකින් (05)කින් සමන්විත කට්ටලයක් බැගින් ලබා දීමට පියවර ගැනේ.

    මෙම වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය හෙට දින (14) පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya