Print this page

ප්‍රථම විශේෂ මහාධිකරණය ජුලි 04 දා ඇරඹේ

ජූනි 13, 2018

දූෂණ වංචා හා අල්ලස් පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීම සඳහා පිහිටුවීමට යන විශේෂ මහාධිකරණවලින් පළමු අධිකරණය ජූලි මස 04 දා කොළඹ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

මෙම විශේෂ මහාධිකරණ සැප්තැම්බර් මාසය අවසාන වීමට පෙර පිහිටුවා අවසන් කරන බවද අමාත්‍යවරයා කීය.

විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත විය.