අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරින් 500 දෙනෙකුට ජනපති අතින් ගුරු පත්වීම් Featured

    ජූනි 08, 2018

    වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාම අද බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, රට හැර යාමේ නිදහසට නීති රීති පනවා වැටකඩුළු බැඳීමට රජය සූදානම් නොමැති නමුත් නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමට ඔවුන් හෘද සාක්ෂිය අනුව කැපවිය යුතු බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරින් 500 දෙනෙකුට ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් (07) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගතුන් වැඩි රටක් ඉතා වේගයෙන් දියුණුව කරා ගමන් කරන බවයි. එබැවින් රටේ සංවර්ධනයත්, ආර්ථික සමෘද්ධියත් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    මේ අතර ගුරු සේවයේ පවතින ගැටලු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී බලධාරින්ගේ අවධානය යොමු කළේය.

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අසීමිත මුදලක් වැය කරමින් ඒ වෙනුවෙන් සීමාවකින් තොරව පහසුකම් ලබාදීමට රජය කටයුතු කරද්දි එහි අභ්‍යන්තරයේ පවතින ගැටලු විසඳා ගැනීමට ද කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිතුමා ගුරු සේවයේ ගැටලු විසඳා ගැනීම සඳහා රජය, පළාත් සභා සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධ වූ පුළුල් කාර්යක්ෂම වැඩපිළිවෙළකට එළැඹිමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

    බස්නාහිර පළාතේ පවතින ගුරු පුරප්පාඩු පියවීම සඳහා වාණිජ, කලා, විද්‍යා ගණිත, තොරතුරු තාක්ෂණ විෂයන් සඳහා මෙන්ම දෙමළ මාධ්‍ය උපාධිධාරින් සඳහා අද මෙම පත්වීම් ප‍්‍රදානය සිදු කෙරිණි.

    ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් උපාධිධාරින් 15 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, සුමිත්ලාල් මෙන්ඩිස්, ලලිත් වනිගරත්න යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජී. විජේවර්ධන මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya