අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා බහුවිධ වැඩපිළිවෙළක්

    ජූනි 07, 2018

    දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.


    දැනට දිවයිනේ පාසල් 450ක පමණ කි‍්‍රයාත්මක දියර කිරී ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියේදී සියලු පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙළ සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය. එහි පළමු පියවර ලෙස රටේ ප‍්‍රාථමික පාසල්වල දරුවන්ට එනම් සිසුන් දාහත් ලක්ෂයකට පෝෂ්‍ය පදාර්ථයෙන් අනූන දියර කිරි ලබාදීමට කටයුතු කරනු ඇත.


    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ දේශීය කිරි නිෂ්පාදන හා පරිභෝජනය සංවර්ධනය කිරීම පිළිබඳ   (06) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. ග‍්‍රාමශක්ති ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධන වැඩසටහනට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්විණි.


    රජයේ මූලික ප‍්‍රතිපත්තිය සහ අරමුණ විය යුත්තේ දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් පිට රටින් ආනයනය කරනු ලබන කිරිපිටි ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අඩුකර ගැනීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා දියර කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විධිමත් සහ කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේය. එම වැඩපිළිවෙළ තුළින් මේ රටේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවමින් මන්ද පෝෂණය පිටුදැකීමට ද හැකිවනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


    දියර කිරි නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති නොවන අන්දමින් එම නිෂ්පාදන පාසල් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, නිෂ්පාදන ඉහළ නැංවීම තුළින් කිරි ගොවීන් වෙත දියර කිරි සඳහා නිසි මිලක් ලබා ගැනීමට අවස්ථාව සකස් කරන ලෙසත් ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.


    දියර කිරි නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික ආයතනවල ප‍්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, මෙහිදි ජනාධිපතිතුමා ධීවර ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත උපදෙස් දෙනු ලැබූවේ පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගනිමින් අදාළ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන ලෙසයි.


    මෙහිදී දියර කිරි නිෂ්පාදනයේ යෙදෙන පෞද්ගලික අංශයේ සමාගම් ප‍්‍රධානින් අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමාගේ මෙම වැඩපිළිවෙළ කාලෝචිත දූරදර්ශී වැඩපිළිවෙළක් බවත් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.


    මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවක් පත්කර ඒ හරහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
    අයිස් කි‍්‍රම් ඇතුළු කිරි ආහාර නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය නිසි ප‍්‍රමිතීන්ට අනුව යොදාගන්නේ ද යන්න පිළිබඳ වැඩිදුර අවධානය යොමුකළයුතු අතර, එම නිෂ්පාදන සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ලාබදායී අමුද්‍රව්‍ය යොදාගන්නන් පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.


    ධීවර ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා සහ ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී.කේ.ආර්. ඒකනායක, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති කේ.මුතුවිනායම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya