පක්ෂයේ ඉදිරි කටයුතු සදහා නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරු පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස මෙහිදී තෝරාපත්කර ගනු ලැබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න යන මහත්ම මහත්මීන් පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස පත්කර ගැනිණි.
පක්ෂයේ සභාපතිවරයා ලෙස නැවතත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා තෝරාපත් කර ගන්නා ලදී. පක්ෂයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කටයුතු කරනු ඇත.
පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත්, භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්තී්‍ර හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාත් පත් කර ගැනිණි.
පක්ෂයට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් සිව් දෙනෙකි. ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්.ඩී. ජේ. සෙනෙවිරත්න, අනුර පි්‍රයදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්තුරුයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරු ලෙස ඒ.එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණිද ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් පත් කර ගැනිණි.
නව උපලේකම්වරු ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසානයක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන් පත් කර ගැනිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලූම පාර්ලිමේන්තු මන්තී්‍රවරු මධ්‍යම කාරක සභාව සදහා තෝරාපත් කර ගැනිණි. ඊට අමතරව පක්ෂයේ සභාපති විසින් මධ්‍යම කාරක සභාවට පත්කළ යුතු අනෙකුත් පත්වීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )