මෙතෙක් පළාත් පාලන ආයතන කි‍්‍රයාත්මක වූයේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා පමණක් වුව ද මිනිසුන්ගේ ගුණවත්කම් සහ යහපත්කම් සංවර්ධනය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට දායකත්වය ලබාදෙන කේන්ද්‍රීය ස්ථානයක් බවට ඉදිරියේදී පළාත් පාලන ආයතන පත්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක් නව පළාත් පාලන නියෝජිතයින් සඳහා පැවති වැඩමුළුවකට පසුගියදා පොළොන්නරුවේදී එක්වෙමිනි.
තමන් නියෝජනය කරන ගම සහ මැතිවරණ කොට්ඨාසය තුළ විනයගරුක සමාජයක් මෙන්ම යහපත් පුරවැසියන් ගොඩනැගීම වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව පළාත් පාලන ආයතන මට්ටමින් වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එහිදී මත්ද්‍රව්‍ය නිවාරණය සහ විවිධ සමාජ අභියෝග හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.
පොළොන්නරුව දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිතයින් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පළාත් පාලන ආයතන කි‍්‍රයාකාරිත්වය තුළ ඉතා වැදගත් වන්නේ එම නියෝජිතයින්ගේ හැසිරීම බවයි. පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ලබාගැනීමට මෙන්ම ජනතාව පිළිගන්නා ස්ථානයක් බවට පළාත් පාලන ආයතන පත්කිරීමට හැකිවන්නේ ඒ තුළින් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
එමෙන්ම දේශපාලන පක්ෂයක තිබිය යුතු විනය සමග දේශපාලනඥයන් තුළ තිබිය යතු විනය, චරිතවත්බව, සවන්දීම සහ නිර්මාණශීලිත්වය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය නවක පළාත් පාලන නියෝජිතයින් වෙත පෙන්වා දුන් ජනාධිපතිතුමා විශේෂයෙන් ජනතාව අතරට යමින් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ආයතනික වශයෙන් ඉටුකළ හැකි කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමේ වගකීම ද පැහැදිළි කරනු ලැබුවේ තම අතීත දේශපාලන අත්දැකීම් කිහිපයක් ද සිහිපත් කරමිනි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොලොන්නේ, පොළොන්නරුව දිසාපති රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර පොළොන්නරුව දිස්ති‍්‍රක් පළාත් පාලන ආයතනවල ප‍්‍රවාහන අවශ්‍යතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධන වැඩසටහන යටතේ තී‍්‍රරෝධ රථ ප‍්‍රදානයක් ද මින් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.