නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සෑම ක්ෂේත‍්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදිය යුතුයි- ජනපති Featured

    ජූනි 01, 2018

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතුළු රටේ සෑම ක්ෂේත‍්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (31) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුව අමතමිනි.

    රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඉතා කීර්තිමත් වෘත්තිකයින් පිරිසක් ලෙස මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන්ද, විශේෂයෙන් ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් ද ඉටුකළ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමා කෘතවේදීව සිහිිපත් කළේය.


    තමා සෞඛ්‍ය අමත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙම වෛද්‍ය සංගමයේ වරප‍්‍රසාද රැුසක් දිනාදීමට කටයුතු කළ අතර, අද වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ද ඒ වෙනුවෙන් ඉටුකරන කාර්ය භාරය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.


    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ එදා අමාත්‍යාංශවල තීන්දු තීරණ අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නොව ඊට ඉහළින් සිටි පුද්ගලයින් විසින් ගනු ලැබුව ද අද සෑම අමාත්‍යාංශයකටම නිදහසේ තම සේවාවන් ඉටුකිරීමට ජනාධිපතිවරයා ලෙස තමා ඉඩ සළසා ඇති බවයි.


    තිස් වසරක සේවය සපුරා විශ‍්‍රාම ලැබූ සහ දැනට සේවයේ නියුතු රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන පී.එම්.බී සිරිල් මහතා වෙනුවෙන් ද ජනාධිපතිතුමා අතින් විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.


    රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය මහින්ද ලියනගේ මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya