කොළඹ අලුතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කිලෝමීටර 2කින් වැඩි වී ඇතැයි මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත මහතා රජයේ නිලපුවත් වෙබ්
අඩවියට පැවසීය. එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කොට තිබේ.
නව ශ්‍රී ලංකා සිතියමේ 1:500 පරිමාණයේ මුද්‍රිත පිටපත් ජූනි මස මැදභාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව ද උදයකාන්ත මහතා පවසයි. එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන
කාර්යාලයෙන් මිලදී ගත හැක.