Print this page

ආගමන හා විගමන නිලධාරින්ගේ වෘත්තීය ගැටලූ ජනපතිගේ අවධානයට

මැයි 25, 2018

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක්  ඊයේ (24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

ආගමන හා විගමන නිලධාරින් මුහුණදී සිටින වෘත්තීය ගැටලූ කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබ`ද ජනාධිපතිතුමාගේ පුථල් අවධානය යොමු කෙරිණි.

එම ගැටලූ පිළිබද ඉදිරි දිනවලදී අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර පියවරෙන් පියවර විසදුම් ලබාදීමට ද මෙහිදී එකගතාවය පළ විය. ආගමන හා විගමන සේවයේ සංවර්ධනයට ගතයුතු ඉදිරි පියවර පිළිබදව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවිය. ආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ද ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල යන මහත්රවරුන් ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුථ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )