මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුකඩ ණය කාරයන්ට ගොඳුරු වී සිටින අහිංසක ජනතාව ඉන් මුඳවා ගැනීමට කටයුතු කරනවා

    මැයි 23, 2018

    කළුකඩ ණය කාරයන්ට ගොඳුරු වී සිටින අහිංසක ජනතාව ඉන් මුඳවා ගැනීම සඳහා අඩු පොළී ණය යෝජනා ක්‍රම කීපයක් රජය හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    මූල්‍ය ආයතනයේ කඩ වැටීම නිසා ජනතාව අසීරුවට පත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක  අද (23) පාර්ලිමේන්තුවේ දී විමසන ලදී.

    ඊට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.


    ආයෝජකයන්ට කල් දී තිබෙනවා. තැම්පත් කරුවන්ට කල් යත්ම මුදල් ලබාගන්න හැකි වෙයි. ඩොලර් බිලියනයක් අයිතිකරුවන්ගෙන් එකතු කරනවා. සම්පත් විකිණීමෙන් එකතු කරගන්නවා. එත් අඩු පාඩුවක්
    තිබෙනවා. මේවාට අයිතිකරුවන් වගකිව යුතුයි. අනෙකුත් පුරවැසියන්ගේ බදුවලින් තැම්පත් කරුවන්ට ගෙවනවාද නැද්ද කියලා. එය සුදුසු නෑ කියන එකයි සාමාන්‍ය මතය.


    කළුකඩ ණය කාරයන්ට ගොදුරු වී සිටින අහිංසක ජනතාව ඉන් මුඳවා ගැනීම සඳහා අඩු පොළී ණය යෝජනා ක්‍රම කීපයක් රජය හඳුන්වා දෙනවා. මේ සඳහා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය යටතේ ණය යෝජනා ක්‍රමය
    හදුන්වා දෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    මහජනතාව සූරාකන මූල්‍ය පද්ධතියක් රටපුරා ක්‍රියාත්මක බව පවසන අමාත්‍යවරයා, මහජනතාව තලාපෙලා මුදල් ලබාගන්නා ආයතන තුළින් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවත් එයින් ජනතාව මුඳවා ගැනීම රජයේ අරමුණ
    බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya