ඔක්තෝබර් 24, 2018

tamieng

    තොරතුරු දැන ගැනමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහ පාලනයේ මෙවලමක්

    මැයි 23, 2018

    “රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින තොරතුරු මහජනතාව වෙත ලබා දෙමින් ඔවුන් දැනුවත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ සඳහන් වෙනවා. එම පනතේ ජනතාවට ලබා දිය හැකි හා ලබා දිය නොහැකි තොරතුරු ගැන අප දැනුවත් වෙන්න ඕන“ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය.

    අමාත්‍යාංශ ලේකම්වරයා එසේ පැවසුවේ   (මැයි 21) දා කොළඹ රාජ්‍ය පරිපාලන අභ්‍යාස ආයතනයේ පැවති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනයන් හි තොරතුරු නිලධාරීන් හා නම් කළ නිලධාරීන් ඇතුළු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය.

    මෙම වැඩ මුළුව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් මත සංවිධානය කර තිබූ අතර අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීන් අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයන්හි තොරතුරු නිලධාරීන් හා නම් කළ නිලධාරීන්, ආයතන ප්‍රධානීන් ඇතුළු 100ක් පමණ පිරිසක් සහභාගී වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතා මෙසේ පැවසීය.

    අප අමාත්‍යාංශය, අංශ ගණනාවකින් යුත් විශාල ආයතනයක්. ඒ වගේම අප අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන 30කට වඩා පවතිනවා. ඒ සඳහා අපිට තොරතුරු නිලධාරීණ් නම් කළ නිලධාරීන්100 කට වැඩි පිරිසක් සිටිනවා. එම නිසාම ඔවුන්ට මෙම තොරතුරු පනත පිළිබඳවත්, තොරතුරු ලබා දීම පිළිබඳවත්, තොරතුරු ලබා දෙන ආකාරය පිළිබඳවත්, හොඳ දැනුමක් ලබාදෙන්න ඕන. ඒ සඳහා තමයි අපි පළමු පියවර ලෙස මෙම වැඩ මුළුව පවත්වන්නේ. මේ තුළින් තොරතුරු නිලධාරීන් ලෙස ඔබ සැම තම වගකීම ගැන, යුතුකම ගැන දැනුමක් ලබාගන්න ඕන. එම දැනුම තුළින් වඩාත් ඵළදායී මෙහෙවරක් පුරවැසි ජනතාව වෙනුවෙන් ඉටු කරල දෙන්න අප ආයතනය සූදානම් බව සඳහන් කරන්න ඕන“ යැයි පැවසීය.

    “තොරතුරු දැන ගැනීම රටක පුරවැසියන්ගේ මානව අයිතියක් වෙනවා ඒ වගේම අනෙකුත් මානව අයිතීන් ආරක්ෂා කිරීමේ මෙවලමක්ද වෙනවා. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රජාතන්වාදයේ සහ යහපාලනයේ දොරටු විවර කරන යතුරක් ලෙස ද හැඳින් වෙනවා යැයි “ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්ච මහතා පැවසී‍ය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ නීතිඥ ජගත් ලියනආරච්ඡි මහතා මෙසේ ද පැවැසීය.

    “තොරතුරු පනතේ ප්‍රධාන මූලිකාංග 03ක් පවතිනවා. එනම් තොරතුරු සඳහා ඇති ප්‍රවේශය, තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන වලට ඇති වගකීම හා තොරතුරු ලබාදීමට ඇති වගකීම අයත් වෙනවා. ඔබ ලබාදෙන තොරතුරු පොදු අධිකාරියක පාලනයේ, භාරයේ හෝ සන්තකයේ තිබිය යුතුයි. එසේ නොවන තොරතුරු ලබා දීමට හැකියාවක් නැහැ. එවැනි අවස්ථාවක වහාම ඒ බව සඳහන් කර තොරතුරු ඉල්ලා සිටින පුරුවැසියාව දැනුවත් කළ යුතුයි. සාමාන්‍යයෙන් පුරවැසියෙකු තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලුම් පතක් දුන් පසුව එකී තොරතුරු ලබා දෙන - නොදෙන බව දින 14ක් ඇතුළත දැන්විය යුතුයි. එසේම තොරතුරු ලබා දිය හැකි නම් ඒ සඳහා වන ගාස්තු ගෙවීමට නියම කෙරේ. මෙසේ ගාස්තු ගෙවා දින 14ක් ඇතුළත පුරවැසියාට තොරතුරු ලබා දිය යුතුයි. තොරතුරු ලබා දීම තව දුරටත් කල් ගත වන්නේ නම් ඒ සඳහා තවත් අතිරේක දින 21ක කාලයක් ලබා ගත හැකියි. එමෙන්ම තොරතුරු නිලධාරීන් තොරතුරු ලබා නොදෙන අවස්ථාවක ඒ පිළිබඳව අමාත්‍යාංශයේ හෝ ආයතනයේ නම් කළ නිලධාරීයාට පුරවැසියා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ යුතුයි. එය දින 12ක් තුළ ඉදිරිපත් කළ යුතුය. එයින්ද පුරවැසියා සෑහීමට පත්වන්නේ නැත්නම් මාස 2 ක් තුළ තොරතුරු කොමිසන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ යුතුයි. එයින්ද පුරවැසියාට සහනයක් නොලැබුණහොත් ඔහුට මාසයක් තුළ අභියාචනාධිකරණයට පැමිණිලි කළ හැකිය. මේ අනුව අපගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිතවාදී ගුණාංගයෙන් සමන්විත ව පවතිනවා“ යැයි පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් කතා කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා මෙසේ පැවැසීය.

    “අපේ  නොසැලකිලිමත්භාවය නිසා අප වැරදිකරුවන් විය හැකියි. බොහෝ දෙනා  වැරදිකරුවන් වී ඇත්තේ ඔවුන්ගේ නොසැලකිලිමත්කම සහ නොසලකා හැරිම යන කරුණු නිසා බව විගණන වලදී පෙන්නුම්කර තිබෙනවා. මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනතේ 35 වන වගන්තියේ තොරතුරු පණත ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරියෙකු සතු වගකීම පිළිබදව සදහන් කරල තියෙනවා. යම් තැනැත්තෙකුට කවර හෝ ආකාරයකින් බලපාන තීරණයක් ලබාදෙන යම් පොදු අධිකාරියක සෑම නිලධාරියෙකුම, අදාල තැනැත්තා විසින් කරනු ලබන ඉල්ලීමට ලිඛිතව පිළිතුරු දැක්විය යුතුයි. මෙහිදී තොරතුරු ලබාදිය නොහැකි තිරණ ගැනීමෙන් නිලධාරීන් වැළැක්වීමද මෙම පනතින් සිදුවන බව ද  සදහන් කළ යුතුයි.  යැයි පැවසීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu