මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා පවතින ප්‍රදේශවල ජනතාවට ලංකා සතොසින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සැපයීමට පියවර -කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

    මැයි 23, 2018

    ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා තත්වයන් නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට, එම ප්‍රදේශවල පිහිටි ලංකා සතොස අලෙවි සැල් මගින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ඉල්ලීම් වලට අනුව වහාම ලබාදීමට පියවර ගන්නා මෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස පාලනාධිකාරියට හා කළමනාකරැවන් සියලු දෙනාට දන්වා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.

    එසේම ගංවතුර ආපදාව වැඩි ප්‍රදේශවල පවතින ලංකා සතොස ගබඩා පහසුකම් තවදුරටත් පුලුල් කරමින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ගබඩා කර ගන්නා ලෙසද, සියලුම ලංකා සතොස අලෙවිසැල් වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග යාවත්කාලීන කර පවත්වාගෙන යන ලෙසද, එම සතොස අලෙවිසැල් වල සේවය අවශ්‍ය හැම විටම ලබාදීමට සූදානමින් සිටින ලෙසද, අමාත්‍යවරයා ලංකා සතොස පාලනාධිකාරියට හා සියලුම කළමනාකරැවන්ට දන්වා ඇත.

    එසේම අපදාවන් පවතින ප්‍රදේශවල ලංකා සතොස ලබඩා වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ගුවන් මගින් හෝ යාත්‍රා මගින් හෝ බෙදා හැරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya