අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන ගංඟාවල ජල මට්ටම අඩු නමුත් යම් ප්‍රදේශවලට ගංවතුර අවධානමක් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    මැයි 22, 2018
    ප්‍රධාන ගංඟාවල ජල මට්ටම අඩුවෙමින් පවතින නමුත් කැලණි ගඟ, ඇතුළු කළු, නිල්වලා, අත්තනගලු ඔය වැනි ප්‍රදේශවල යම් යම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් එහි දෙපස ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කරයි.
     
    ඒ අනුව කැලණි ගඟ පහළ නිම්න කොටස්වල ජල මට්ටම වැඩිවෙමින් පවතින බව පෙන්වා දෙන ඒ මහතා මේ වන විට නාගලගම් වීදියේ ජල මට්ටම ගංවතුර මට්ටමක පවතින බැවින් හංවැල්ල සිට නාගලගම්වීදිය දක්වා ප්‍රදේශවල ජනතාවට සම්පූර්ණයෙන් ම ජල බැස යන තුරු ගංඟාව ආශ්‍රිතව කලාපවලින් ඉවත්වන ලෙස ඉල්ලා සිටියි. 
     
    එමෙන් ම රත්නපුර කළුගඟ පහළ නිම්නයේ හා ගාල්ල බද්දේගම මෙන් ම නිල්වලා ගඟ ආශ්‍රිතව යම් යම් ප්‍රදේශවල ද ගංවතුර තත්ත්වයන් ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
     
    ඉදිරි කාලය තුළත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන බැවින් කඳුකර ප්‍රදේශවල ජනතාව වැසි තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින ඒ මහතා අකුණු අනතුරු හේතුවෙන් මරණ 06ක් වාර්තා ව ඇති බවත් මෙවැනි තත්ත්වයන් අවම කරගැනීම සඳහා ජනතාව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටියි.
     
    රත්නපුර, කළුතර, ගාල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික් සඳහා නායයෑම් අනතුරු නිවේදන මේ වන විට නිකුත් කර තිබෙන අතර ම ඉදිරි පැය 24ක කාලය සඳහා එම නිවේදන එලෙසින් ම වලංගුවන අතර ම රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාවට ඉදිරියටත් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින  ලෙස ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya