Print this page

"ස්වාසම් - එකමුතුවේ එකතුවක්" ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති එක්වෙයි Featured

මැයි 16, 2018
"ස්වාසම් - එකමුතුවේ එකතුවක්" තේමාව යටතේ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (15) පස්වරුවේ පැවති දෙමළ ගායන හා නර්තන ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
 
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ අරූ ශ්‍රී කලා රංගායතනයේ ශිල්පීන් එක්ව මෙම ප්‍රසංගය සංවිධානය කර තිබිණි.
මෙම ප්‍රසංගය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් මහත්මියට සහ නර්තනය වෙනුවෙන් හිමන්ෂූ ශ්‍රීවාස්තව නර්තන ශිල්පියාට හා  දිව්‍යා රවී නර්තන ශිල්පිනියට ද ජනාධිපතිතුමා අතින් සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුඑ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )