නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය සාමසාධක හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

    මැයි 15, 2018

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනයකට අනුව සත්දින (මැයි මස 13 සිට 18 දක්වා) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මහතා ඉන්දීය සාමසාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් ඉදිකර ඇති බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ඊයේ (14) දින උදෑසන පුෂ්පෝපහාර දැක්වීය.


    නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතා විසින් එහි සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා පිළිගෙන විශේෂ පීඨීකාව වෙත රැගෙන යන අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා චාරිත්‍ර ආරම්භ කිරීම සඳහා සූදානම්ව සිටියහ.


    අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙබලුන්ගේ ගෞරව මධ්‍යයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ සටන්වලදි ශ්‍රී ලංකාවේ දී ජීවිත පරිත්‍යාගකළ ඉන්දීය රණවිරුවන් සිහිකරමින් ජෙනරාල් බිෆින් රාවට් මහතා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.


    හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

    මෙම උත්සවය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතා , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya