නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි බැංකු නියාමනය කිරීමට අධීක්ෂණ කමිටුවක්

    මැයි 11, 2018

    සමෘද්ධි බැංකු නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් අමාත්‍යංශයේ සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නියෝජිතයින් ඇතුළත් වන අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට යයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ පැවති රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

    මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (11) දහවල් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    දිවි නැගුම පනත යටතේ පිහිටුවා ඇති සමෘද්ධි බැංකු පාලනය වන්නේ කළමණාකරණ කමිටුවක් මගිනි. එම කමිටුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් දෙදෙනෙකුද ඇතුළත් වේ.

    සමෘද්ධි බැංකු සඳහා නව අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමට යෝජනා වි ඇත්තේ ඒවායේ පාලනය වඩාත් ශක්තිමත් කොට ජනතාවට පුළුල් සේවයක් ලබා දීමේ අරමුණින් බවද ආචාර්ය කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya