ජනපති මාධ්‍ය ඒකකයේ ට්විටර් ගිණුමේ ව්‍යාජ පණිවුඩයක් පළ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසී ය.
මෙහිදී අඳහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා,
යම් කිසි ට්විටර් එකක් ගිහින් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධව සොයා බැලුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. මේ පිළිබඳව රජය පරීක්ෂණයක් පවත්වනවා.
මාධ්‍යවේදීන්ගේ නිදහස තහවුරු කිරීම පිණිස දිගටම පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මාධ්‍ය නිදහසේ දර්ශකවල ඉහළට පැමිණ තිබෙනවා. සියලුම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න පිළිබඳව අප අවධානයෙන් සිටින්නේ. මේ සම්බන්ධයෙන් අප මැදිහත් වුණා. ඉදිරියේදීත් යම්කිසි ප්‍රශ්නයක් මතු වුවහොත් අපට දැනුම් දෙන්න. මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම මේ රජයේ ප්‍රතිපත්තියක් නොවේ. මාධ්‍යවේදීන්ගෙන් කෙතරම් විවේචන ඉදිරිපත් වුවත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි, රජයේ ප්‍රතිපත්තිය වන්නේ. රජයේ බලාපොරොත්තු වන්නේ, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂව තහවුරු කර අඳහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශක්තිමත් කිරීම ''යැයි ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරය පැවසී ය.