පුලතිසි පිළිකා සුවසරණ සංගමයේ ප‍්‍රධාන අනුශාසකවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී පත්කර ගත් අතර, සභාපති ධූරය සඳහා කදුරුවෙල ජයන්ති රජමහා විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමිපාණන් වහන්සේ තෝරා පත් කර ගැනිණි.
සංගමයේ උපදේශක මණ්ඩලය සහ විධායක සභාව තෝරාපත් කර ගැනීම ද මෙහිදී සිදුවිය.
පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර, පිළිකා පිළිබඳ විශේෂ වෛද්‍ය සචිනි මලවිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.