එම සංශෝධිත පනත අනුව විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර තිබෙන අතර එහිදී පළමු පියවර ලෙස එක් විශේෂ අධිකරණයක් පිහිටු වන බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ඇය සඳහන් කළේ මෙම විශේෂ අධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම අග්‍රවිනිශ්චයකාරවරයා විසින් සිදු කරන බවයි.
මෙම විශේෂ අධිකරණය හරහා නඩුවක් දිනපතා ඇසීමේ ක්‍රමයක් නිර්මාණය වන බවත් ඒ අනුව නඩුවලට කාලයක් ගත නොවී තීරණ ලබාදීමේ අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.