නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ උරුමය ආරක්ෂා කර ඉදිරියට ගෙන යා යුතුයි Featured

    මැයි 02, 2018

    ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා චිත්‍රපටය තුළින් සිංහල සමාජය නිරූපණය කළ බවත් එතුමාගේ උරුමය ආරක්ෂා  කර ඉදිරියට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    අද  ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා සමුගන්නේ සංදේශය චිත්‍රපටයේ පසුබිමක. මට එතුමා මුණගැසුණේ උපන්  දිනයෙන් පස්සේ.එතුම කාරණා ගණනාවක් ගැන කතා කළා. මතකය ගැන පුදුම වුණා. මට එතුමා මුණ ගැසුනේ පාසල් සිසුවෙක් හැටියට මාගේ මව සමඟයි. එතුමාගේ චිත්‍රපට නරඹන්න මම සම්බන්ධ වුණා.ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා චිත්‍රපටය තුළින් සිංහල සමාජය නිරූපණය කළා. එතුමාට ශක්තියක්  තිබුණා. සම්ප්‍රධායින් කැඩිලා, රේඛාව අධ්‍යක්ෂණය කරන්න.

    චිත්‍රපට පිළිබඳ ලෝක වාර්තවාක් තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය, යුගාන්තය, කළි යුගය, වැකන්ද වළව්ව, ගිරය නිෂ්පාදනය කළා. නව කතා තුනම චිත්‍රපට කළා. එතුමාට ඒ දක්ෂතාවය තිබුණා. බැද්දේගම ඉංග්‍රීසි පොතක්. නවකතාවවේ හරය ආරක්ෂා කරල, විශිෂ්ඨ චිත්‍රපටයක් නිර්මාණය කරන්න හැකි වුණා.

    අපි එතුමාගේ උරුමය ආරක්ෂා කර ඉදිරියට ගෙන ය යුතුයි. අපේ චිත්‍රපට කලාව ජාත්‍යන්තරයට ගෙන ගියා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වගේම එතුමාගේ සහෝදරයා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. අද කලාව නිර්මාණය කළ
    පරම්පරාවේ අන්තිම පුද්ගලයාට මාගේ ගෞරවය පුද කරනවා. ආචාරය පල කරනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට නිවන් සැප ලැබේවා, ස්වර්ගයේ සැතපේවා කියා ප්‍රාර්ථනා කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya