නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙළ සිනමාවේ යුගපුරුෂයා සමුගනී Featured

    අප්‍රේල් 29, 2018

    ශ්‍රී ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් සනිටුවහන් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ. මිය යන විට එතුමා 99 වන වියේ පසු විය. 

    ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා සිනමා කෘති වෙයි.

    1981 - බැද්දේගම - ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
    1981 - බැද්දේගම - ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
    1982 - කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
    යුගාන්තය - ජනාධිපති සම්මානය - හොදම අධ්‍යක්‍ෂණය
    1985 - යුගාන්තය - මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
    පිං හාමි - මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
    1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
    2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
    2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව ස`දහා දැක් වූ දායකත්වය වෙනුවෙන්
    2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබද වූ සම්මානය
    2002 අපේ‍්‍රල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කරන ලදී. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය පදවියක් ද ඔහුට පිරිනමනු ලැබීය.

    ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශයේ උන්නතිය වෙනුවෙන් මහත් සේවයක් සිදු කළේ ය.

    මූලාශ්‍ර- විකිපීඩියා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya