නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් සමාජයක් පිළිබඳ පණිවිඩය ලොවට ගෙනයාමට උතුම් වෙසක් දින සැමරුම සමඟ පෙළගැසෙන ලෙස ජනපති සියලූදෙනාගෙන් ඉල්ලයි

    අප්‍රේල් 29, 2018

    යහපත්, විනයගරුක සමාජයක් ගොඩනැගීම සහ ශක්තිමත් බෞද්ධ සමාජයක් පිළිබඳ පණිවිඩය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ගෙනයාමට මෙම උතුම් වෙසක් දින සැමරුම සමග පෙළගැසෙන ලෙස ජනාධිපතිතුමා සියලූ ජනතාවගෙන් ඉල්ලයි.

    සද්ධර්ම කීර්ති ශ‍්‍රී චන්ද්‍ර ජෝති අභිධානයෙන් හා මාතලේ මහ දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ වෙත එම ධූරය පිළිබඳ අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය (27)දින දඹුල්ල ශ‍්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ය.

    යහපත් සහ විනයගරුක සමාජයක් පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ බෞද්ධ සමාජය ශක්තිමත් කිරීම තුළින් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය හා සංරක්ෂණය සඳහා මෙන්ම පුරාවස්තු සංරක්ෂණය වෙනුවෙන් රජයක් ලෙස ප‍්‍රමුඛ වැඩකොටසක් මේ වන විට ඉටුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, ලෝක කම්කරු දිනය දා උදෑසන පත්වන නව ආමත්‍ය මණ්ඩලය මගින් මහා සංඝරත්නය ඉදිරිපත් කර තිබෙන ගැටලූවලට විසදුම් ලැබෙනවා මෙන්ම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද ඉදිරි පියවර රැුසක් කි‍්‍රයාත්මක වනු ඇති බවයි.

    අභිනව උප ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    වළගම්බා පිරිවෙන් විහාරස්ථානය අසළ පිහිටි වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

    පිරිවෙන් පරිශ‍්‍රයේ සංවිධානය කර තිබූ සංස්කෘතික ගම්මානය නැරඹීමට ද එක්වූ ජනාධිපතිතුමා එහි එළවළු  ගොවිපළ ද නිරික්ෂණය කළේ ය.

    අස්ගිරි පාර්ශ්වයේ අනුනායකහිමිවරුන් වන පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද ලක්ෂ්මන් වසන්ත පෙරේරා,එස් බී දිසානායක, සරත් ඒකනායක, බන්දුල යාලේගම, ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මැති ඇමතිවරු ද, දඹුල්ල නගරාධිපති, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya