නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ වියානා සමාන්තර අනාරක්ෂිත ප‍්‍රදේශයේ ආරක්ෂිත වැට කඩිනමින් ඉදිකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

    අප්‍රේල් 28, 2018

    බදුල්ල මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ වියානා ඇළට සමාන්තර අනාරක්ෂිත මාපාකඩ ප‍්‍රදේශයේ ආරක්ෂිත වැට කඩිනමින් ඉදිකරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

     


    බදුල්ල – මහියංගණ මාර්ගයේ වියානා ඇළට සමාන්තරව දිවෙන මාර්ග කොටස කි.මී. 13 ක් වන අතර ඉන් කි.මි 08 ක් මහවැලි අධිකාරියට ද ඉතිරි කි.මි 05 මාර්ග සංවර්ධන අධිකාරියට ද අයත් වේ.


    මහවැලි අධිකාරියට අයත් කි.මි 08 ක කොටසෙන් කි.මි 05 ක ආරක්ෂිත වැට ඉදිකිරීම් මහවැලි වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ 2017 වසරේ නිම කෙරුණි.
    ඉතිරි මාර්ග කොටසේ නිතර රිය අනතුරු සිදුවන බවට වන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඉදිකිරීම් කඩිනමින් නිම කරන ලෙස මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.
    ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු කොට ඇති රුපියල් මිලියන 26.5 ක මුදල වහා ලබා දීමට ද ජනාධිපතිතුමා කටයුතු කොට ඇත.


    මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටසේ ඇති අනාරක්ෂිත ප‍්‍රදේශවල ද ආරක්ෂිත වැට ඉදිකිරිම් කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා මාර්ග සංවර්ධන අධිකාරියට ද උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya