මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගැටලූ ජනපතිගේ අවධානයට ....

    අප්‍රේල් 25, 2018

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපතිතුමා පවසයි. 

    ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

     ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පිළිබද අන්තර්ජාතිකව පවතින පිළිගැනිම ආරක්ෂා කර ගනිමින්, ගුණාත්මක ගුවන් සේවාවක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වාදුන්නේය.

     ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති 06 න් 05 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටී අතර, සමාගමේ දැනට පවතින තත්ත්වය සහ මතුව ඇති ගැටලූ විසදාගනිමින් සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබ`ද ඔවුන් දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. 

     ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මගීන්ට අභිරුචියකින් සහ ප්‍රබෝධයකින් යුතුව සිය ගමනාන්තය කරා ළගාවීමට හැකි පහසුකම් පුථල් කිරීමේ අවශ්‍යතාවය  ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

     එමෙන්ම පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා පිළිබ`ද සොයා බැලීමට නව ජනාධිපති කොමිසමක් පත්කරමින් සමාගමේ කටයුතු ක්‍රමවත්ව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම  පිළිබද මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමූහ.

     ඒ පිළිබද අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතු`ථ සියලූ පාර්ශ්වවල තොරතුරු ලබාගනිමින් සහ සියලූදෙනාගේ යෝජනා සැලකිල්ලට ගනිමින් රජයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට එම කොමිසම කඩිනමින් කටයුතු කරනු ඇති බවයි.

     අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජාතික ආර්ථීක සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ඇතුථ අධ්‍යක්ෂවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya