අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා දැරියගේ සොහොයුරියට ජනපති මැදිහත්වීමෙන් රැකියා අවස්ථාවක් Featured

    අප්‍රේල් 25, 2018

    ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වූ නිෂාන්ති සිවලෝගනාදන් මෙනවිය වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ඊයේ(24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    පසුගිය වසරේදී ජනාධිපතිතුමා වව්නියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවසට ද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනවිය වෙත මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබේ.

    විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවින සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වති ශිවලෝගනාදන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya