මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති උණුසුම් අයුරින් පිලිගනි- අධ්‍යයන පාඨමාලා සඳහා පාකිස්තාන හමුදා සහාය Featured

    අප්‍රේල් 24, 2018

    පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  ඊයේ (23) දින රාවල්පිණ්ඩි, හමුදා මුලස්ථානයේදී  වර්ණවත් හමුදා සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර ඉතා ගෞරවාන්විතව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.


    ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වෙත පකිස්ථාන යුද්ධ හමුදාව වෙතින් පකිස්ථාන යුද්ධ හමුදා මුලස්ථාන ප්‍රධාන දොරටුව අභියස දී කඳවුරු සම්මාන මුරයක් හා වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති  පෙළපාලි අණදෙන්නා සමගින් පෙළපාලිය පරික්‍ෂා කිරිමෙන් අනතුරුව විශේෂ පීඨිකාව වෙත පිවිසෙන ලදී.


    දිනයේ තවත් එක් වැදගත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි කාර්යාලයේ දොරටු අභියස දී ජ්‍යෙෂ්ඨ නිලධාරින් හදුන්වාදිමට මත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපවරයා විසින් පකිස්ථාන යුද්ධ හමුදාවේ මියගිය රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියසදී මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දක්වමින් සිය ආචාරය පුද කර සිටින ලදී.


    අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි කාර්යාලයේදි එරට හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) හමුවු අතර හමුදා ප්‍රධානින් අතර පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාව තුලින් දෙරට අතර ආරක්‍ෂාව සඳහා වැදගත් වන කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    යුද්ධ හමුදා ප්‍රධානින් දෙදෙනා අතර පැවති සුහද සාකච්ඡාවේදි දෙරට හමුදාවන් අතර ද්විපාර්ශ්වීය ආරක්‍ෂක සහයෝගිතාවය තවදුරටත් මධ්‍යස්ථ හා පුළුල් ලෙස සිදුකල යුතු බවටත්, විවිධ පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගිවිමෙන් අන්නෝන්‍ය අවබෝධය මෙන්ම සහයෝගිතාවය වැඩි දියුණු කිරිම පිළිබඳවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන්නාවු ඒකාබද්ධ මෙහෙයුම් සහ විවිධ අධ්‍යයන පාඨමාලාවන් සඳහා පකිස්ථාන යුද්ධ හමුදාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳවත්, නිලධාරි ප්‍රගමන ප්‍රගතිය සහ වේගයෙන් වෙනස්වන ආරක්‍ෂක තත්වයන් පිළිබඳ නව ප්‍රතිපත්ති සැකසිම සැබැදිවත්, පකිස්ථාන හමුදා ප්‍රධානි මෑතකදී ශ්‍රී ලංකාව තුල සිදුකල සංචාරය තුලදී සිය සහයෝගය ලබාදෙනු ලබන ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු පාසලේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

    එමෙන්ම වේගයෙන් වෙනස්වන සහ පැතිර පවතින ගෝලීය ආරක්‍ෂක තර්ජනයන් හා ගැටළු පිළිබඳවත්, තවදුරටත් කලාපීය සහ ගෝලීය සංවර්ධනය තුලින් ඇතිවන තත්වයන් වැලැක්විම හා සාමයේ අපේක්‍ෂාවන් වැඩිදියුණු කිරිම සහ ශක්තිමත් කිරිම යන කරුණු පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිය සංචාරයේදි දක්වන ආගන්තුක සත්කාරයන්ට කෘතඥතාවය පුද කරන ලදී. එමෙන්ම පකිස්ථාන යුද්ධ හමුදාව වෙත සෞභාග්‍ය උදාවේවායි සුභාශිංසන එක්කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිලිණයක් ද පිලිගන්වන ලදී.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මෙම පකිස්ථාන සංචාරය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර, යුද්ධ හමුදාධිපති සහකාර කර්නල් උදය කුමාර සහ යුද්ධ හමුදාධිපති අධි සහායක ද එක්ව සිටින ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya