අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධාන අරමුණක් බව ජනපති පොදුරද මඬුළු විධායක සභාව අමතමින් පවසයි Featured

    අප්‍රේල් 20, 2018

    තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.


    පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව  ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.


    පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගී වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බි‍්‍රතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවාය.


    ලොව රටවල් රැසක ප‍්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප‍්‍රඥප්තිය සම්මත කර ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.


    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දූපත් රාජ්‍යයක් ලෙස, මතු පරපුරෙහි ප‍්‍රයෝජනය උදෙසා, භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවයි.


    භූගෝලීය වශයෙන් ශ‍්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන අතර, ලෝකයේ ආර්ථික බලවේගයක් බවට ආසියා කලාපය පත්වෙමින් තිබෙන අවධියක ශ‍්‍රී ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රීය පිහිටීම උපයෝගී කරගෙන ප‍්‍රාග්ධන උත්පාදන උදෙසා විශේෂ අවධානයක් යොමුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.


    දරිද්‍රතාවෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාව ප‍්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්කයන්ට ළගාවීම සඳහා අපගේ ජනතාවට, අපගේ සාගර කලාපයේ අවශ්‍ය ප‍්‍රතිලාභ ලබාදිය හැකි අතර එය ස්ථාවර සහ තිිරසර අනාගතයක් ළගා කර ගැනීමට ඇති මාර්ගය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


    එක්සත් රාජධානිය විසින් යෝජිත ,පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම, වෙනුවෙන් පූර්ණ සහයෝගීතාවය දැක්වීමට ශ‍්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින අතර, එවන් පසුබිමක ,පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප‍්‍රඥප්තිය, සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප‍්‍රයත්නයන් මගින් සුරක්ෂිත කර ගැනීමට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


    එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තිරසර අනාගතයක් සඳහා වූ ශ‍්‍රී ලංකාවේ අරමුණ වන්නේ කිසිවෙකු අත් නොහැරෙන විශ්වාසනීය බවකින් සහ ප‍්‍රබෝධයෙන් යුතුව සියලු දෙනාටම එකට නැගී සිටීය හැකි සහ ප‍්‍රගතිය ළගා කරගත හැකි ඉලක්කයන් සපුරා ගැනීම බවයි.


    ඒ පිළිබඳ අන්‍යොන්‍ය වශයෙන් වාසිසහගත වූ පරමාදර්ශයන් අවබෝධ කර ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලය වැදගත් වේදිකාවක් සපයනු ඇති බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දැක්වූ අදහස් ( 2018-04-19)

    තිරසර සංවර්ධනය යනු සංවර්ධනය සම්බන්ධයෙන් යොදාගන්නා යෙදුමකි. එබැවින් සෑම ආණ්ඩුවක්ම ඒ කෙරෙහි අවධානය යොමු කරයි. තිරසාර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශී‍්‍ර ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණකි.


    දිවයින් ජාතියක් වශයෙන්, අපගේ මතු පරපුරෙහි ප‍්‍රයෝජනය උදෙසා, අප භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සනාථ කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකාවට විශේෂ උනන්දුවක් පවතී.
    ශී‍්‍ර ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව බොහෝ සාකච්ඡුා පැවතුණි. භූගෝලීය වශයෙන් ශී‍්‍ර ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා ඇත. නැෙÛනහිර – බටහිර කාර්යබහුල නාවික මාර්ගය පිහිටා ඇත්තේ අප දිවයිනට දකුණු දෙසින් නාවික සැතපුම් 10ක් ආසන්නයේය.


    සෑම වසරකම 60,000කට වැඩි සංඛ්‍යාවක් නැව් මෙම මාර්ගය භාවිතා කරන අතර එමඟින් ලෝක තෙල්වලින් තුනෙන් දෙකක් සහ බහලූම් සංඛ්‍යාවෙන් අඩක් ප‍්‍රවාහනය කරනු ලැබේ.
    ලෝකයේ මතුවෙමින් පවතින ආර්ථික බලවේගයක් බවට ආසියාව පත්වන බව රහසක් නොවේ.


    ආසියා කලාපය මෙලෙස ආර්ථික උත්පාතයක් ලද අවධියක ශී‍්‍ර ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රිය පිහිටීම උපයෝගී කරගෙන ප‍්‍රාග්ධන උත්පාදන උදෙසා අනිවාර්ය සැලකිල්ලක් දැක්වීම පුදුම විය යුතු කරුණක් නොවේ.


    දරිද්‍රතාවයෙන් මිදීම, රැුකියා උත්පාදනය, සමානාත්මතාවය ප‍්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්කයන්ට ළඟාවීම සඳහා අපගේ ජනතාවන්ට අපගේ සාගර කලාපයෙන් අවශ්‍යය ප‍්‍රතිලාභ සලසා දිය හැක. මෙය ස්ථාවර සහ තිරසර අනාගතයක් ළඟා කරගැනීමට ඇති මාර්ගයයි.


    එක්සත් රාජධානිය විසින් යෝජිත ”පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම” වෙනුවෙන් පූර්ණ සහයෝගීතාවය දැක්වීමට අප දිගටම කැපව සිටී. මෙකී කරුණු සම්බන්ධයෙන්, උදාහරණයක් වශයෙන් කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන්, අපි අන්තර්ජාතික ප‍්‍රජාව සමඟ එක්ව කටයුතු කරන්නෙමු.


    මෙවන් පසුබිමක ”පොදු රාජ්‍ය මණ්ඩලීය නීල-ප‍්‍රඥප්තිය” සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප‍්‍රයත්නයන් තුළින් සුරක්ෂිත කර ගැනීමටය.
    ”නීල-ප‍්‍රඥප්ති ශූරතාවය” ලෙස සේවය කිරීම සඳහා ලැබුණ අවස්ථාව ශී‍්‍ර ලංකාවේ ඉමහත් සතුටට හේතුවේ. මෙරට සෘජුව පැරිස් සම්මුතිය මුළුමනින් ක‍්‍රියාවට නැංවීමට කැපවී සිටින අතරම 2030 තිරසර සංවර්ධන සැලසුම් සඳහා ද කැපවී සිටී. මෙය තිරසර අනාගතයක් ප‍්‍රවර්ධනය සඳහා අවැසි මෙවලම් වේ.


    වර්ෂ 2016 දී මා නීල-හරිත සංවර්ධන උපාය මාර්ගයක් ශී‍්‍ර ලංකාව සඳහා නිරාවරණය කළෙමි. අප නීල-හරිත මූලාරම්භය යටතේ වායු දූෂණය අවම මට්ටමක පවත්වා ගනිමින් ආර්ථික සංවර්ධනය කිරීමේ ක‍්‍රමවේද දිරිමත් කිරීමට කටයුතු යොදා ඇත.


    අධික පොලිතින් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් මයික්රෝ්න 20ක් හෝ ඊට අඩුවෙන් වූ පොලිතින් භාවිත කිරීම තහනම් කොට ඇත.
    මගේ කාර්යාලය විසින් එළිදක්වන ලද වෙනත් වැඩසටහන් සහ ව්‍යාපෘතීන් යටතේ ජල නළ පද්ධති සහ වැව් සංවර්ධනය කිරීම තුළින් පරිසරය දූෂණය වීම වළක්වා ගැනීම සඳහා කටයුතු කරයි.
    සමුද්‍රීය සහ ජල සම්පත් තිරසර බවකින් යුතුව භාවිත කරන අතර කාබනික කෘෂිකාර්මික ක‍්‍රමවේද සහ පිරිසිදු, නැවත භාවිතයට ගත හැකි බලශක්ති උත්පාදනය අපගේ ප‍්‍රමුඛතා අතර වෙති.


    නෝනාවරුනි/මහත්වරුනි,
    තිරසර අනාගතයක් සඳහා වූ අපේ පොදු අරමුණ වන්නේ කිසිවකු අත් නොහැර විශ්වසනීයබවකින් සහ ප‍්‍රමෝදයෙන් යුතුව අප සියලූ දෙනාටම එකට නැගී සිටීමට සහ ප‍්‍රගතිය ළඟාකර ගැනීමට හැකියාව ලැබීමයි. පොදු රාජ්‍ය මණ්ඩලය මේ පිළිබඳ අනෝ‍යන්‍ය වශයෙන් වාසි සහගත වූ පරමාදර්ශයන් අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් සපයයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කළ යුතු වනුයේ මෙය තිරසර අනාගතයක් සපථ කිරීම සඳහා අතිශයින් වැදගත් නිසාය.
    ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya