මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු තාවකාලිකව පත් කෙරේ

    අප්‍රේල් 12, 2018

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ දිනයේ දී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වු එම කැබිනට් අමාත්‍ය ධූර සඳහා තාවකාලිකව නව අමාත්‍යවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.

    එමෙන්ම පූර්ණ කැබිනට් සංශෝධනයක් මෙම සිංහල අලූත් අවුරුද්දෙන් අනතුරුව සිදු කිරීමට නියමිතව ඇති අතර ඒ දක්වා වූ කාලය සඳහා මෙම පත්කිරීම් සිදුකර ඇත.

    අද දින පත් කෙරුණු නව අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01- ආචාර්ය සරත් අමුණුගම මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

    02- රංජිත් සියඹලාපිටිය මහතා - ආපදා කළමනාකරණ අමාත්‍ය

    03- ෆයිසර් මුස්තාෆා මහතා - කී‍්‍රඩා අමාත්‍ය


    04- මලික් සමරවික‍්‍රම මහතා - සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය

    ජනාධිපති මාධ්‍ය අංශය
    2018-04- 12

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya