අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩාවට පත් ගොවි ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

    අප්‍රේල් 12, 2018

    පුත්තලම දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟුය හේතුවෙන් ගොවිතැන් කිරීමට නොහැකිව අසරණ තත්වයට පත් ගොවි ජනතාව වෙත සහන සැලසීම උදෙසා බඩඉරිඟු අක්කර 600ක වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී ඇත.

    ගොවිතැන් කටයුතු අඩාල වීම හේතුවෙන් කන්න දෙකක් කිසිදු බෝගයක් වගා කිරීමට නොහැකි වූ ප‍්‍රදේශවල ගොවි පවුල් 500ක ට අධික පිරිසකට සහන සැලසීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අතර ඉඟිනිමිටිය ව්‍යාපාරයේ පැවති ඉතාම සීමිත ජල ප‍්‍රමාණය උපයෝගී කරගනිමින් මෙම වගාකටයුතු සිදුකිරීමට නියමිතය.

    මීට අමතරව අතිරේක බෝග වගාවන් සඳහා ද ගොවිජනතාවට සහන සැලසීමට කටයුතු කර තිබෙන අතර සූර්ය බල ශක්තියෙන් ජල පොම්ප ක‍්‍රියාකරවීමේ වැඩසටහනක් මෙන්ම බහුකාර්ය වල් මර්දන රොටරි කිරීමේ සරල උපකරණ බෙදාදීමේ වැඩසටහනක් හා තරුණ කෘෂි ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.

    ජනාධිපති කාර්යාලය යටතේ ක‍්‍රියාත්මක වන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ප‍්‍රතිපාදන ඵලදායී ලෙස යොදවමින් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාට සහන සැලසෙන පරිදි මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya