සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වු වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. සමස්ත සෞඛ්‍ය පරිපාලකයින් නියෝජනය කරන මෙම වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය තේරී පත්වීම විශේෂත්වයකි.
ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක බෝනොවන රෝග පාලනය සදහා වන වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් මෙන්ම වැඩි ඵලදායි තත්ත්වයකින් ඉදිරියට ගෙන යන බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී පැවැසීය.
සෞඛ්‍ය සම්පන්න නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි කරන බවට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවැසුවාය. ශ්‍රි ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සහායත් මේ සදහා හිමිවන බැවින් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව බෝනොවන රෝග පාලන වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට හැකි බව ද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය පැවැසුවාය.