මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුණු අතර, විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතික පත්‍ර පිළිගැන්වීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් ද විද්‍යාලයේ විදුහල්පති ඇන්ඩෘෘ ෆවුලර් වොට් මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.