නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංග යෝජනා ඉල්ලා අස් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එ ජා ප මන්ත්‍රීන්ට දැනුම් දෙයි

    අප්‍රේල් 07, 2018
    තමාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනා ඉල්ලා අස්කර ගන්නා ලෙස තමා උපදෙස් දුන් බවත්, ඒ අනුව එකී මන්ත්‍රීවරුන් විසින් එකී විශ්වාස භංග යෝජනා ඉවත් කරගනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන නිවේදනයක් මගින් කියයි. 
     
     අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කොට තීරණයකට එළැඹිය යුතු වන අතර, මෙම කරුණ පිළිබඳව එවන් සාකච්ඡාවක් සිදුව නැති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, ඉදිරියේදී මේ ගැන පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කෙරෙනු ඇති බව කියා සිටි බවත්, කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති මතභේදයට තුඬු දෙන කරුණු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බවට ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya