මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී සියලුදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතුයි- ජනපති

    අප්‍රේල් 01, 2018

    රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    එය ජනතාව වෙත කි‍්‍රයාත්මක වන්නේ රුපියල් ශතවලට මුල්තැන දෙමින් සහ දූෂිත සහ වෙනත් අවිනීත අන්දමින් නම් රජයක් ලෙස ඉඩම් පිළිබඳ කුමන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළද පළක් නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු 1053 ක් ප‍්‍රදානය කිරීම වෙනුවෙන්  (30) දින පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

    ඉඩම් අයිතිය පිළිබඳ කතාකිරීමේදී අපේ රටේ ඉතිහාසය පුරා දක්නට ඇත්තේ කඳුළු වැටෙන සිදුවීම් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඉඩම් පිළිබඳ කටයුතු කරන ආයතන පිළිබඳ ජනතාව තුළ ප‍්‍රසාදයක් නොමැති බවත් මෙම තත්ත්වයන් වහා වෙනස් විය යුතු බවත් කියා සිටියේය.

    එමෙන්ම ඉඩම් නිරවුල් කිරීම පිළිබඳ තීන්දු ලබාදීමේදී මෙන්ම ඉඩම් ඔප්පු ලබාදීම පිළිබඳ කටයුතුවලදී වඩා සාධාරණ සහ නිවැරදි තීන්දු ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා එය එසේ නොවුණහොත් සමස්ත පරම්පරාවකටම අසාධාරණයක් සිදුවන බව ද කියා සිටියේය.

    දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විදින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් බෙදාදීම මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද සිදු විය.

    තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇලහැර සහ මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම සිදුවූ අතර ඊට සමගාමීව ශ‍්‍රී ලාංකීය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විහාරස්ථාන 03කට පූජා භූමි ඔප්පු ප‍්‍රදානය කිරීමත්, ආගමික සංහිඳියාව පුළුල් කරමින් ඉස්ලාම් දේවස්ථානයකට භූමිය වෙන්කර දීමත්, රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල එම කාර්යාලවල කළමණාකරණය කාර්යක්ෂම කිරීම සඳහා ඉඩම් පැවරුම් 14 ක් ලබාදීම සහ, පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා පාසල් සඳහා ඉඩම් ලබාදීම ද සිදු කෙරිණි.

    පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකෙරෙන භූමියට අදාළ ඉඩම් පැවරුම ද මෙහිදී විශේෂ හිමිකම් පත‍්‍රයක් මගින් වෛද්‍යාධිකාරි සම්පත් ඉන්දික කුමාර මහතා වෙත භාරදීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න, අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් රැසක් සහ දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya