මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි අතර, ඒ අනුව එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනය සහ එම සතිය බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව රට තුළ උත්කර්ෂවත් අන්දමින් සැමරීමට මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා මත අවශ්‍ය සියලු කටයුතු සළසන බව ජනාධිපතිතුමා කියා සිටියේය.
මේ අතර මැයි 07 වනදා රජයේ නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශයට පත්කරන අතර, එදිනට ලෝක කම්කරු දින වැඩසටහන් සඳහා එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වෙත ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූරයෙන් පිදුම් ලද ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි ස්වාමින් වහන්සේ වෙත අක්ත පත‍්‍ර පිළිගැන්වීමේ මහෝත්සවයට අද (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.
පසළොස්වක පොහෝ දින පෞද්ගලික පංති පැවැත්වීම පිළිබඳ මහා සංඝරත්නයෙන් කෙරෙන දීර්ඝ කාලීන ඉල්ලීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ ඉදිරියේදී වඩා දැඩි අවධානයක් යොමු කරමින් නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
එහිදී අදාළ පෞද්ගලික පංති පවත්වාගෙන යනු ලබන ආයතනවලින් ඉල්ලීමක් සිදු කිරීමට මෙන්ම සුදුසු ව්‍යවස්ථාපිත තත්ත්වයක් සකස් කිරීමට ද බලාපොරොත්තුවන බව ජනාධිපතිතුමා පැවසීය.
ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන්වහන්සේ ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.