ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.
රටේ සංවර්ධනය සහ රටේ ආර්ථිකය නගා සිටුවීමන් ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් උදාකරදීම සඳහා සියලුදෙනාගේ සාමුහික කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පරිපාලන සේවයේ සියලුදෙනා ද ඒ වෙනුවෙන් වගකීම් ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
සංගමයේ නව සාමාජිකයින් පත්කර ගැනීම ද මෙහිදී සිදු කෙරුණු අතර එහි නව සභාපති ලෙස ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ නව ලේකම් ලෙස රෝහණ ද සිල්වා මහතා පත්කර ගනු ලැබීය.
සංගමයේ හිටපු සභාපතිවරයාගේ සිට එහි කටයුතු කළ සියලුදෙනාගේ සේවය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා නව සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය වෙත සිය සුබපැතුම් පිළිගැන්විය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති රංජිත් ආරියරත්න, හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර යන මහත්වරුන් ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.