අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ විනිමය පනත යටතේ නියෝග විවාදයට

    මාර්තු 21, 2018

    කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණය කිරීමේ පනත් කෙටුම්පත, සහ විදේශ විනිමය පනත යටතේ නියෝග අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විවාදය ආරම්භ කළේ ය.

    නවීන ලෝකයේ ගෝලීයකරණය සමඟ නොයෙක් ලෙස ආයෝජනය කරනවා. ඩොලර් ට්‍රිලියන් ගණන් එහාට මෙහාට යනවා. අපිට පරණ නීති සමඟ ලෝක වෙළඳපොළේ තරඟ කරන්න අමාරු නිසා මෙම ලිහිල් කිරීම කර
    තිබෙනවා. අද තියෙන ගැටළුවක් තමයි, බැංකුවට යන්න වෙනවා ණය ගන්න. ණය ගන්න යනවිට මොකක්ද උකස කියලා අහනවා. බැංකුවලින් එහාට ගිහිල්ලා ව්‍යවසාකයන්ට මුදල් සොයාගන්නේ කොහොමද කියලා බලන්න ඕන. කොටස් වෙළඳපොළ මෙහිදී හොඳ වාහකයක් ලෙස දකිනවා. කොළඹ කොටස් වෙළඳපොළ ජනතාවට විවෘත කරනවා. මෙය සුබවාදී සංශෝධනයක් යැයි ද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya