මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනය ඇති කළේ අධිකරණයේ ස්වාධීනත්වය අරමුණු කරගෙනයි

    මාර්තු 21, 2018

    යහපාලනය ඇති කළේ, අධිකරණයේ ස්වාධීනතාවය ඇති කිරීම අරමුණු කරගෙන බවත් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු නොකරන බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

    භාර (සංශෝධන ) පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    හොරු අල්ලන්න ඉල්ලීම තිබුණේ රටේ ජනතාවගෙන්. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාපිළිවෙල සිදුවෙමින් යනවා. හිතෙන, හිතෙන අය අල්ලලා හිරේ දාන්න බෑ. අධිකරණය අද ස්වාධීනයි. වැරදි පූර්වාදර්ශ ඉදිරියට ගෙන යන්න සූදානම් නෑ.
    යහපාලනය ඇති කළේ අධිකරණයේ ස්වාධීනතාවයක් ඇති කිරීම අරමුණු කරගෙනයි. අධිකාරණයේ සියලුම විනිසුරුතුමන්ලාට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ඇති කර තිබෙනවා. කිසිම බලපෑමක් කර නෑ. විශේෂ අධිකරණ පත් කිරීම අපේ යුතුකමක්. අපි වගකීමක් ඇතිව වැඩ කරනවා. කිසිකෙනෙකුගෙන් පලිගැනීමේ චේතනාවෙන් වැඩ කරන්නේ නෑ යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya