Print this page

ජනපති ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතයි

මාර්තු 13, 2018
 
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් අද (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍ය සංගම් ඇතුථ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්තී්‍ර මහාචාර්ය ආශ මාරසිංහ යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

( ඡායාරූප : සුදත් සිල්වා )