Print this page

සංවර්ධන වැඩසටහන් ජනතාගත කිරීමේ පුළුල් වැඩසටහනක්

මාර්තු 13, 2018

රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා ජතික ප්‍රමුඛතා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ හා ඒ පිළිබඳව පුළුල් සමාජ කථිකාවක් ගොඩනැඟීමේ අරමුණින් දීප ව්‍යාප්තව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පුළුල්ව ජනතාගත කිරීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙල ගැන විශේෂ සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතගේ ප්‍රධානත්වයෙන් සහ  අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරු හා මාධ්‍ය අධ්‍යක්ෂකවරු න්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාව සිදුවිය.

රජයේ සංවර්ධන වැඩසටහන් ජනතා ගත කිරීමේ දී පවතින අභියෝග, ඉදිරි සැලසුම් මෙන් ම නව යෝජනා සහ අඳහස් සාකච්ඡා කිරීම සිදු කෙරුණි. එහිදී මාධ්‍ය ලේකම්වරු මෙන් ම මාධ්‍ය අධ්‍යක්ෂකවරු විසින් නව අඳහස් හා
යෝජනා රැසක් ඉදිරිපත් කළේ ය.

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම කථිකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් සාර්ථක වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා ද සහභාගී විය.

dg3