Print this page

තාක්ෂණය ඔස්සේ මාධ්‍ය තුළින් ත්‍රස්තවාදය නිර්මාණය කිරීමට ඉඩදිය නොහැකියි

මාර්තු 12, 2018

තාක්ෂණය ඔස්සේ මාධ්‍ය තුළින් ලෝකයෙත් ලංකාවෙත් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩදිය නොහැකි බවත් ඒ සඳහා අනාගතයේ නීති රීති සම්පාදනය කළ යුතුව ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පිළිබඳව අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර තිබේ.

කවුරු හෝ පිරිසක් ජාතිවාදී ඉලක්ක ඔස්සේ ක්‍රියාකරනවා නම්, ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු රජය හැටියට කටයුතු කරගෙන යනවා. ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සඳහා නීති රීති සම්පාදනය කළ යුතුව
තිබෙනවා.

මැතිවරණයකදී කඩදාසියක් බෙදන්නත් කවුරුන් හෝ මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී කියලා තියෙන්න අවශ්‍යයි. වෙබ් අඩවිවලත් යමක් ප්‍රකාශ කරනවා නම්, කවුරු හෝ දුරකතන අංකයෙන් නමින් හෝ ලිපිනයෙන් වගකීම භාරගත යුතුව තිබෙනවා. එසේ නොමැතිව මාධ්‍ය තුළින් තාක්ෂණය ඔස්සේ ලෝකයෙත් ලංකාවෙත් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩදිය නොහැකියි. ඒ සඳහා සියලු නීති රීති අනාගතයේ සකස් කළ යුතුව තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.