අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සදහා කම්පැක්ටර් රථ ලබාදීමේ වැඩසටහනක් ජනපති ප්‍රධානත්වයෙන් ...

    මාර්තු 10, 2018
    බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සදහා කම්පැක්ටර් රථ ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (09) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී පැවැත්විණි.
     
    පළාත් පාලන ආයතන 22 ක් සදහා කම්පැක්ටර් රථ 29 ක් ලබාදීම මෙහිදී සිදුවූ අතර එහි සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 393 කි. 
    අදාළ පළාත් පාලන ආයතන වෙත කම්පැක්ටර් රථ ලබාදීම සංකේතවත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
    ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ජනනයෙන් සියයට 60ක් එනම් මෙටි්‍රක් ටොන් 3500ක් දෛනිකව බස්නාහිර පළාත තුළින් ජනනය වේ.
    මෙම  කසළ එක් කිරීම, ප්‍රවාහනය හා බැහැරලීම වෙනුවෙන් කම්පැක්ටර් රථ නොමැතිවීම බලවත් බාධාවක්ව පැවතිණි. 
    බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, ලලිත් වනිගරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya