නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටකතාවලට නොරැවටෙන්න- රජය ගෙනයන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබාදෙනවා

    මාර්තු 08, 2018

    හිංසාකාරී ක්‍රියාවල යෙදෙන්නන්ට වාසිදායක කට කතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගෝලීය සාධාරණත්වය සඳහා වන ශ්‍රී ලාංකීය මාධ්‍යෙවේදියෝ සංවිධානය පවසයි.

    පසුගිය දිනවල අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි හටගත් අවාසනාවන්ත සිදුවීම පිළිබඳව සිය බලවත් කණස්සල්ල පළකරන බවත් හිංසාකාරී ක්‍රියා නතර කොට ඉක්මනින්ම රට තුළ සාමාකාමී තත්ත්වය ස්ථාපිත කරන්නැයි එම සංවිධානයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ අද(08) පැවති මාධ්‍යෙව්දී හමුවකදීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ‍ ජයතිලකද සිල්වා මහතා, මෙවැනි සිදුවීම් විවිධ ජාතික සහ ආගමික ප්‍රජාවන්හි සාමකාමී සහජීවනයට තර්ජනයක් බවත් එයින් රට අස්ථාවර කර ලෝක ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට හේතුවන බවද පෙන්වා දුන්නේය.

    ගෝලීය සාධාරණත්වය සදහා වන ශ්‍රී ලාංකීය මාධ්‍යවේදියෝ සංවිධානයයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද හත්තක මහතා, ''හිංසාකාරී ක්‍රියා මර්ධනය කොට රටේ සාමය ස්ථාපිත කිරීම සදහා රජය ගෙනයන ක්‍රියාමාර්ග වලට සහයෝගය දෙන ලෙස අපි සාමාකාමී සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේම හිංසාකාරී ක්‍රියා වල යෙදෙන්නන්ට වාසිදායක කට කතා වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්'' පැවසීය.

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන ලතීෆ් ෆාරුක් සහ අමීන් ඉසැඩීන් යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya