Print this page

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් සභිකයන් 5075ක් පත් වෙනවා - මැතිවරණ කොමිෂමේ සභාපති Featured

පෙබරවාරි 23, 2018

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින් 17 දෙනා හැර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම මැතිවරණයෙන් සෑම කොට්ඨාසයකින්ම 5%කට අඩු ඡන්ද ප්‍ර‍තිශතයක් ලබාගත් සියලු දෙනාගේම ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශය සභාවට උසාවියේ තහනම් නියෝගයක් තිබෙන අතර එම නඩුව ලබන 3 වැනිදා තිබෙන බවත් අනෙකුත් සියලුම පළාත් පාලන ආයතනවල ප්‍ර‍තිඵල නිකුත් කර තිබෙන බවත් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.