Print this page

මත්පැන් මිල දී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවතට

ජනවාරි 11, 2018
මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියාව සඳහා යොදා ගැනීමට හා කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීම සඳහා මෙතෙක් පැවැති තහනම ඉවත් කර ඇත. 
 
මෙම නියමය සඳහා සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (10) අත්සන් තැබීය. 
 
ඒ අනුව මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට සහ මත්පැන් මිල දී ගැනීමට කාන්තාවන්ට අවස්ථාව සැලසේ.