Print this page

සුව ඇමැති සහ බිල් ගේට්ස් අතර හමුවක් Featured

ඔක්තෝබර් 08, 2017
බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් (Mr.Bill Gates) මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15දා අබුඩාබියේ දී පැවැත්වීමට නියමිතය. 
 
ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය.
 
බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සඳහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇත. මෙම අවස්ථාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා සහ ජිමී කාටර් (Mr. Jimmy Carter) මහතා ද සහභාගිවීමට නියමිතය. ෆොබ්ස් දත්තවලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන බිල්ගේට්ස් මහතා එම වාර්තාව අඛණ්ඩව සිව් වන වරටත් හිමි කර ගත් පුද්ගලයා ද වෙනවා. 2017 ඔක්තෝම්බර් මාසය වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 89.2 ක් වෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු ද වන ඔහු මේ වන විට එම සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස කටයුතු කරයි.
 
ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය දෙවසර තුළ වැඩසටහන් රැසක් දියත්කර ඇත. එහිදී දුම්කොළ බදු සියයට 90 දක්වා ඉහළ නැංවීම, සිගරට් පැකට්ටුවක රූපමය අවවාද සියයට 80 දක්වා ඉහළ නැංවීම, ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට කටයුතු කිරීම, තනි සිගරට් පැකටුට්ව විකිණීම තහනම් කිරිම සඳහා කැබිනට් පත්‍රිකාවක් සැකසීම, දුම් රහිත දුම්කොළ අලෙවියට අදාල නියාමනයන් ඇති කිරිම, වසර 2020 වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම නතර කර ආර්ථික වශයෙන් වැදගත්වන බෝග වගාව කෙරෙහි අවධානය යොමු කිරීම, පැණිබීම සඳහා වර්ණ සංකේත හඳුන්වාදීම, සුව දිවි සායන මධ්‍යස්ථාන 842 ක් සහ සුවනාරි සායන මධ්‍යස්ථාන 848 ක් ස්ථාපිත කිරිම වැනි වැඩසටහන් දියත් කර ඇත.