අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනපුර ව්‍යාප්ත වූ ගව කුර හා මුඛ රෝග සාර්ථකව මර්දනය කෙරේ

    ජූලි 07, 2014

    දිවයිනපුර ව්‍යාප්තව පැවති ගව කුර හා මුඛ රෝගය සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.ටී.ජී. රත්නායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ සඳහා අවශ්‍ය එන්නත් දිවයිනපුරා පිහිටි පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය කාර්යාල සඳහා දැනටමත් බෙදාහැර ඇති බවත්, ඒ අනුව මිලියන 15කට ආසන්න වටිනාකමකින් යුතු එන්නත් බෙදාහැර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.  රෝගය මේ වන විට මර්දන මට්ටමේ පවතී. මෙවර මෙම රෝගය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හැරුණ කළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින් ම වාර්තා වී ඇත. රෝගය දැඩිව ව්‍යාප්තවීම හේතුවෙන් ලංකාව තුළ නිෂ්පාදිත එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත් නො වූ බැවින් කඩිනම් ප්‍රතිකාර සලකා විදේශයෙන් එන්නත් ආනයනය කිරීමට සිදු වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

     

    ගව කුර හා මුඛ රෝගය වෙනුවෙන් සතුන්ට වසරකට එක්වරක් පමණක් එන්නත් ලබා දෙන බවත්, වසරකට එන්නත් එකක් ලබාදීම ප්‍රමාණවත් නොවී යන බව හැඟී යාමෙන් එය  2015 වසරේ සිට එන්නත් දෙකක් ලෙස වැඩි කිරීමට පියවර ගත් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya