අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පුරාවිද්‍යා දිනය අද Featured

    ජූලි 07, 2014

    අදට යෙදී ඇති ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව මෙම සතිය "පුරාවිද්‍යා සතිය" ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, "ජාතික පුරාවිද්‍යා සතිය ලෙස ජූලි 07වන දා නම් කරනු ලැබූයේ ශ්‍රී ලංකාවේ මුල්ම කැනීම් ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වන එච්.සී.පී. බෙල් මහතා විසින් අනුරාධපුරයේදී සිදුකරනු ලැබීම සනිටුහන් කරමින් බවයි."

     

    මෙම පුරාවිද්‍යා සතියට සමගාමීව අද පෙරවරුවේදී පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. මෙහිදී ප්‍රවීණ හා ආධුනික පුරාවිද්‍යාඥයන් විසින් කරන ලද  පුරාවිද්‍යා කැනීම් එළිදැක්වීම හා ඒවා පිළිබඳව පුරෝකථනය කිරීමක් සිදු කෙරේ. එමෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශනයක් ද එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පුවත්පත වන දායාද පුවත්පත එළිදැක්වීම ද මෙහිදී  සිදු කෙරේ.

     

    මීට සමගාමීව පෞද්ගලිකව සොයා ගත් පුරාවිද්‍යා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර දෙන්නන් අගය කරමින් ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ. මෙම සතිය පුරාවට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පාසල් ළමයින් සඳහා පුරාවිද්‍යා සම්මන්ත්‍රණ මාලාවක් ද පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

     

    ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සනත් පන්වැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යවකාශ තාක්ෂණය පුරාවිද්‍යා ස්ථාන කළමනාකරණය හා ගවේෂණය කිරීමට යොදා ගැනීම පිළිබඳව හඳුන්වාදීමක් ද මෙහිදී සිදු කෙරේ.

     

    චන්ද්‍රිකා තාක්ෂණය පුරාවිද්‍යාවට හඳුන්වාදීම තුළින් ඉදිරියේදී නිවැරදිව පුරාවිද්‍යා ස්ථාන පවත්නා ස්ථාන පිළිබඳව අභ්‍යවකාශයේ සිට අධ්‍යයනය කිරීමේ හැකියාව පවතින බව මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා පැවසීය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya