මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගේ දෙමව්පියන්ට විශේෂ පුහුණුවක්

    ජූලි 07, 2014

    අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගේ දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් කටයුතු යොදා ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ  සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවාය.


    ළමයින් අන්තර්ජාලය පරිහරණය කිරීම අධීක්ෂණය කිරීම සඳහා මව්පියන්ට මෙම විශේෂ පුහුණුව ලබා දේ.ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 දූරකතන අංකය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක ළමා උපකාරක සේවයක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව දරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම උපදෙසක් මේ හරහා ලබා ගත හැකි වේ.


    මෙම විශේෂ පුහුණව සඳහා කැමැත්තක් දක්වන අය තම නම, ලිපිනය හා දූරකතන අංකය ලබාදීම තුළින් මේ සඳහා සම්බන්ධ විය හැකි බව පැවසූ සභාපතිවරිය තවදුරටත් පැවසුවේ 25දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් සකස් කර අදාළ පුහුණුව ප්‍රධාන කාර්යාලයේ හා දිස්ත්‍රික් මට්ටමින්  සිදු කරන බව යි.

    ළමයින් අන්තර්ජාලයට පිවිසීම නිසි පරිදි අධීක්ෂණය නොකිරීමෙන් ඔවුන් විවිධ අපයෝජනයන්ට ලක්වීමේ සිද්ධි පිළිබඳ ව සලකා බලා මේ පියවර ගත් බව ඇය තවදුරටත් පැවසීය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya