අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සොයා ගැනේ

    ජූලි 06, 2014
     
    වැලිවේරිය, ප්‍රදේශයේ ගබඩාවක තිබී අපනයනයට සූදානම් කර තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු කසල තේ තොගයක් පාරිභෝගික අධිකාරියට ලැබුණ පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදී සොයා ගැනේ.
     


    කිලෝ ග්‍රෑම් 40,000ක් පමණ වන මෙම කසල තේ තොගය මැදපෙරදිග රටවල්වලට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී සොයා ගනු ලැබීය.

    මාස දෙකක පමණ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බව පාරිභෝගික අධිකාරිය මගින් සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 06දෙනෙකු පමණ දැනට හඳුනාගෙන ඇති අතර, ඔවුන් හෙට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya